විරෝධතාවක් තහනම් කරන ලෙස කෙරුණු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කෙරේ

අගෝ 08, 2022

    බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී හෙට දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    කුරුදුවත්ත පොලීසිය විසින් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම නියෝගය නිකුත් කළා.

    මෙම විරෝධතාවල දී යම් සාමය කඩවීම ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවත් මෙහිදී මහේස්ත්‍රාත් වරයා අවධාරණය කර සිටියා.

    Latest News