ට්‍රම්ප්ට එරෙහි දෙවැනි දෝෂාභියෝගය ගැන සෙනෙට් මණ්ඩලයෙන් මතයක්

පෙබ 10, 2021

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවැනි දෝෂාභියෝගය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව සෙනෙට් මණ්ඩලය පවසයි. ඊට අදාළ ඡන්ද විමසීමේ දී දෝෂාභියෝගය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව සෙනෙට් බහුතර ඡන්දය හිමිව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    මේ අනුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය විභාගයට ගැනීමට බාධාවක් නොවන බවත් පූර්ණ දෝෂාභියෝග විභාගයක් පැවැත්වීමටත් සෙනෙට් මණ්ඩල අනුමැතිය හිමි විය. අමෙරිකානු ඉතිහාසය තුළ දෙවරක් දෝෂාභියෝගයකට ලක් වන එකම ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකෙන අතර ඔහු එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය අවතක්සේරු කිරීමේ ප්‍රතිවිපාක ද මේ වන විට විඳීමට සිදුව ඇත්තේ, එරට ජනතාවටයි.

    කෙසේ වුවද ට්‍රම්ප්ට සහය දක්වන කණ්ඩායම තර්ක කළේ ධවල මන්දිරයෙන් පිටත්ව අමෙරිකානු ජනාධිපති ධුරයට සමුදුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්විය නොහැකි බවයි.

    එහෙත් 56ට 44ක බහුතරයක් දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූල බවට ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 10 පෙබරවාරි 2021 11:00

    Latest News