වසර 73 ක ශ්‍රී ලංකා-මියන්මාර් මිත්‍රත්වයට සහල් මෙට්‍රික් ටොන් දහසක්

ඔක් 12, 2022

    ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වයට වසර 73 ක් පිරීම නිමිත්තෙන් මියන්මාර රජය මෙරටට සහල් මෙට්‍රික් ටොන් දහසක් පරිත්‍යාග කළා.

    එම පරිත්‍යාගය, මෙරට නියෝජිතයන් වෙත පසුගියදා බාර ‍දෙනු ලැබුවා.

    සහල් තොගය පරිත්‍යාග කෙරුණේ, කොළඹ වරායේදී. ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හන්තු, වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන්, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News