වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී හෙට දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

අග්‍රාමාත්‍ය කාර්යාලය අසළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද සහ හෙට දින ඇතුළු වීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

සර්ව ආගමික පූජකවරුන් මුලිකත්වය ගෙන අද (07) සිදු කිරීමට නියමිත පා ගමනට අදාළව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලමින් මේ වන විට අරලියගහ මන්දිරය අසළ මහජන විරෝධතාවයක් පැවැත්වෙයි.

ඊයේ රාත්‍රී සහ අද දිනයේත් ස්ථාන රැසක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.

දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත ව සිටියි. ඒ ඉහළ යන ජීවන වියදමට එරෙහිව හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින්.

උතුරු අයර්ලන්තයේ නගර කිහිපයක පවතින විරෝධතා හේතුවෙන් පොලිස් නිලධාරීන් 50කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා අඛණ්ඩ ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ වන විට එරට අන්තර්ජාල සබඳතා සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බවයි, වාර්තා වන්නේ.

Latest News