කියුබාවෙන් හා පැනමාවෙන් ද.අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය

ජන 23, 2021

    දකුණු අප්‍රිකාවේ හඳුනාගෙන ඇති කොවිඩ්-19 ප්‍රභේදයේ එක් ආසාදිතයෙක් කියුබාවෙන් සහ පැනමාවෙන් අනාවරණය වී ඇති බව දෙරටේ සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

    කියුබාවේ දී කොවිඩ්-19 ප්‍රභේදය සඳහා ධනාත්මක බව සොයාගත් පුද්ගලයා රට තුළට ඇතුළු වූ පසු ගුවන් තොටුපොළේ දී පරීක්ෂාවට ලක්කර ඇති අතර දැන් ඔහු හුදෙකලාව ප්‍රතිකාර ලබයි.

    මේ දක්වා කියුබාවේ කොරෝනා ආසාදිතයන් 19,530ක් සහ මරණ 184ක් වාර්තා වී තිබිණ. එහෙත් කොවිඩ් 19 හි වෙනත් ප්‍රභේදයක් එරටින් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර පැනමාවට දකුණු අප්‍රිකාවේ සිට ජනවාරි 5 වැනිදා ඇතුළු වූ 40 හැවිරිදි සිම්බාබ්වේ ජාතිකයෙක්ගෙන් මෙම ප්‍රභේදය අනාවරණය විය.

    Last modified on සෙනසුරාදා, 23 ජනවාරි 2021 11:00

    Latest News