පැනමා‍වෙන් හමුවූ ටොන් 5ක මත්ද්‍රව්‍ය

දෙසැ 01, 2020

    ටොන් පහකට වැඩි නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක්,පැනමා රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පැනමා නාවිකභට පිරිස් සිදු කළ මුර සංචාරයක දී, මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බවයි,වාර්තා වන්නේ. නාවිකභට පිරිස්, බටහිර කැරිබියානු සහ බටහිර පැසිෆික් මුහුදු කලාපය තුළ මුර සංචාර සිදුකොට තිබේ.

    මෙම මුහුදු සීමාවේ ගමන් කළ වේගවත් බෝට්ටු 4ක් සෝදිසි කිරීමට ලක් කිරීමේ දී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇතැයි,වාර්තා වෙයි. මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 13 දෙනෙක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

    දකුණු අමෙරිකානු මත්ද්‍රව්‍ය වෙළෙඳපොළවල් හා මධ්‍යම අමෙරිකාව ඇතුළු මෙක්සිකෝ වැනි මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ සඳහා මෙම මත් ද්‍රව්‍ය තොගය රැගෙන යමින් සිටි බවට, බලධාරීන් ප්‍රකාශ කරයි.

    Latest News