දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ සිව් දෙනෙක්ට කොරෝනා

ජන 17, 2021

    මහනුවර දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

    දළදා මාලිගාවේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් සමග ඔවුන් සෘජුව කටයුතු නොකළ ද නිලධාරීන් 231 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන් වෙනුවට මහනුවර කොට්ඨාසයට අයත් ‍පොලිස් ස්ථානවලින් නිළධාරීන් 189 දෙනෙක් සහ වැඩ බලන ස්ථානාධිපතිවරයෙක් ද සේවයට යොදවා තිබේ. අප කළ විමසීමක දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සඳහන් කළේ දළදා මාලිගාව තුළ සේවය කරන කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී නොමැති බවයි.

    Latest News