අමෙරිකාවේ සියලූ ප‍්‍රාන්තවල ආරක්ෂාව තර කෙරේ

ජන 17, 2021

    අමෙරිකාවේ ප‍්‍රාන්ත පනහේම ආරක්ෂාව තරකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනූව ප‍්‍රාන්ත සියල්ලේම ආරක්ෂාවට හමුදාව යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එළඹෙන 20 වැනිදාට යෙදී ඇති අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඞ්න්ගේ දිව්රුම් දීමේ උත්සවයට සමගාමීව රටපුරා විරෝධතා හා කලහකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවට FBI නිලධාරීන් අනතුරු අගවා තිබේ. ඒ අනුවයි අමෙරිකාව පුරා මෙලෙස ආරක්ෂාව තර කර ඇත්තේ.

    ඉකුත් 06 වැනිදා ට‍්‍රම්ප් පාක්ෂිකයින් විසින් වොෂිංටන් අගනුවර පුරා විරෝධතා දියත් කළ අතර එහිදී හටගත් කලහකාරී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙක් මිය ගියේය.

    එබැවින් එවැනි තත්ත්වයක් යළිත් ඇතිවීම වළක්වා ගැනීමටයි, මෙලෙස අගනුවර ප‍්‍රධාන සියලූ ප‍්‍රාන්තවල ආරක්ෂාව තර කර ඇත්තේ.

    අමේරි ලෑන්ඩ්, නිව් මෙක්සිකෝ හා යූටා යන ප‍්‍රාන්තවලට මේවනවිටත් හදිසි තත්ත්වයක් පනවා තිබේ.

    එළඹෙන 20 වැනිදා මහජනතාව වොෂිංටන් අගනුවරට රැස්වීම හා අනෙකුත් ප‍්‍රාන්තවල ප‍්‍රධාන නගරවලට ඒකරාශීවීම සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන්.

    Last modified on ඉරිදා, 17 ජනවාරි 2021 11:13

    Latest News