පාසල් ඇරඹීමට පෙර ආරක්ෂක මෙහෙයුමක්

අප්‍රේ 25, 2019

    දෙවන පාසල් වාරය ආරම්භයට පෙර,දිවයිනේ සියලුම පාසල් පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, පාසල් හා දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා මේ පියවර ගෙන තිබේ. ඒ අනූව, සියලුම ජාතික පාසල් හා පළාත් පාසල් පරිශ්‍ර ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට නියමිතයි. සිසුන් ගුරුවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තමන්ට ඇති වගකීම ප්‍රමුඛ කර ගනිමින් මාපියන්ගේ හා වැඩිහිටියන්ගේ ද අවධානය යොමු කරමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    දෙවැනි පාසල් වාරය ආරම්භ වන ලබන 29 වැනි දිනට පෙර, පාසල් පරිශ්‍ර හා අවට ප්‍රදේශ මෙන්ම, පාසල් බස්රථ, වෑන් රථ හා අනෙකුත් පොදු ප්‍රවාහන සේවාවන් ආශ්‍රිතව ද ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 11:51

    Latest News