නෝර්වේ කොරෝනා එන්නත් ලබාදුන් 23 දෙනෙක් මියයයි

ජන 17, 2021

    නෝර්වේ රාජ්‍යයේ කොරෝනා මර්දන එන්නත් ලබා දුන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එරට එන්නත්කරණ වැඩසටහන සඳහා තෝරාගෙන ඇත්තේ ‍අමෙරිකාවේ ෆයිසර් එන්නතයි. එන්නත්කරණයට පසු මියගිය පුද්ගලයින් බහුතරය වයස අවුරුදු 80ට වැඩි මහලු පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    එන්නත ලබාදීමෙන් පසු ඇති වූ ආබාධ මීට හේතු විය. ඉකුත් පැය 24 තුළ නොර්වේ රාජ්‍යයෙන් නව ආසාදිතයින් 243 දෙනෙක් හඳුනාගැනීමත් සමග එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 58,000 ඉක්මවා ගියේය. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 517ක්. මේ වන විට ලොවපුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9 කෝටි 49 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    මේ දක්වා මියගිය පිරිස ලක්ෂ 20කට අධිකයි. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 6 කෝටි 77 ලක්ෂයක්. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂයකට අධිකයි. සිදුවූ මරණ සංඛ්‍යාව ද 3500කට ආසන්න විය.

    Last modified on ඉරිදා, 17 ජනවාරි 2021 12:56

    Latest News