බ්‍රිතාන්‍යයේ නව වෛරසය පකිස්තානයේ හා ඉන්දියාවෙනුත්

දෙසැ 30, 2020

    අසල්වැසි ඉන්දියාවේ සහ පකිස්ථානයේ ද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගෙන ඇත.

    බ්‍රිතාන්‍යයේ සිට පැමිණි මගීන් 6 දෙනෙක් තුළ නව කොරෝනා ප්‍රභේදය හඳුනාගත් බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසන්නේ.

    එසේම,පකිස්ථානයේ සින්ද් පළාතේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ප්‍රදේශයෙන් කොරෝනා නව ප්‍රභේදයට සම්බන්ධ සිද්ධීන් 3ක් අනාවරණය වී ඇති බවයි.

    මේ වන විට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8 කෝටි 23 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති ගෝලීය මරණ සංඛ්‍යාව 17 ලක්ෂ 96,000කට අධිකයි.

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 11:09

    Latest News