බ්‍රිතාන්‍යයේ මාරාන්තික වෛරසය රටවල් 100ක ව්‍යාප්තයි

මාර් 11, 2021

    බ්‍රිතාන්‍යයේ ඉකුත් වසරේ මුල් වරට අනාවරණය වූ කොරෝනා වෛරස ප්‍රභේදය,ඊට පෙර හඳුනා ගැනුණු වෛරසයට වඩා මාරාන්තික බව, නව වාර්තා පෙන්වා දෙයි.

    ඒ සම්බන්ධ පර්යේෂකයන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව වෙත ඊයේ ඒ බව ප්‍රකාශ කර තිබේ.

    පෙර වෛරසයට වඩා 30%ත් 100ත් අතර මරාන්තික බව ඉහළ අගයක පවතින නව වෛරස ප්‍රභේදය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ආසාධනය වීම ද වේගවත්.

    බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව ප්‍රකාශයට පත් කළ අධ්‍යයන තොරතුරුවලට අනූව ලෙස නම් කර ඇති මෙම වෛරසය රටවල් 100කට වැඩි සංඛ්‍යාවක ව්‍යාප්තව පවතියි.

    එක්සෙටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක අධ්‍යයන තොරතුරුවලට අනූව ඉහළ මරණ අනුපාතිකය හා වේගයෙන් ව්‍යාප්ත වීමට ඇති හැකියාව හේතුවෙන් මෙහි සෞඛ්‍ය තර්ජනය බරපතල ලෙස සැලකිය යුතු බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 මාර්තු 2021 11:48

    Latest News