බෝම්බ 3,000ක් සෞදි අරාබියට දීමට අනුමැතිය

දෙසැ 30, 2020

    අමෙරිකාව ඩොලර් මිලියන 290ක වටිනාකමින් යුත් බෝම්බ 3,000ක් සෞදි අරාබියට ලබාදීමට අනුමැතිය පළකර තිබේ. එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

    'ජාතික ආරක්ෂාවට සහය පිණිස' යැයි පවසමින් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් ගිනි අවි කලාපයේ සෙසු රටවලට ද ලබාදීමට අනුමැතිය හිමිවී තිබේ. සෞදි අරාබියට පිරිනැමෙන බෝම්බ නිරවද්‍යතාවයෙන් පහර දිය හැකි ප්‍රබල බෝම්බ බවයි වාර්තා වන්නේ.

    ඒ අනූව ජී.බී.යූ - 39 කුඩා විශ්කම්භයකින් යුත් බෝම්බ 3,000ක් ලබා දෙනු ඇති.

    යෝජිත අවි අලෙවිය මැදපෙරදිග ස්ථාවර භාවය ප්‍රචලිත කරන මිත්‍ර රටක ආරක්ෂාව තහවුරු කරමින්,අමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තියට සහ ජාතික ආරක්ෂක අරමුණුවලට ද සහය වන වැදගත් පියවරක් බවයි,අමෙරිකානු ආරක්ෂක සහයෝගීතා ඒජන්සිය පවසන්නේ.

    සෞදි අරාබියට අවි අලෙවි කිරීම නතර කිරීමට අදාළව අමෙරිකානු කොංග්‍රසය අවස්ථා ගණනාවක දී දරන ලද උත්සවය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිෂේදනය කළේය.

    කෙසේ වුවද,එළඹෙන ජනවාරි මාසයේ එරට නව ජනාධිපති ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ජෝ බයිඩන්ට මෙම අවි අලෙවිය නතර කළ හැකි නමුත්, ඒ පිළිබඳව ඔහුගේ ස්ථාවරය කුමක් ද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නොමැත.

    Last modified on බදාදා, 30 දෙසැම්බර් 2020 11:22

    Latest News