ඉන්දියාව, බ්‍රිතාන්‍යයෙන් කළ ඉල්ලීම

මාර් 10, 2021

    තම රටේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමෙන් වැළකී සිටින ලෙස ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ඉදිරිපත් කළ නව ගොවි නීති විවේචනය කිරීම සම්බන්ධයෙක් කරුණු දැක්වීම සදහා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙත කැඳවීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ඉන්දීය කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ පිළිබඳ අනවශ්‍ය හා පුළුල් සාකච්ජාවක් සිදු කර තිබේ. ඉකුත් වසරේ අගබාගයේ දී ඉන්දීය රජය හඳුන්වා දුන් නව ගොවි පනත් තුනකට එරට ගොවීන්ගේ දැඩි විරෝධය එල්ල විය. ඒ හේතුවෙන්, මාස ගණනාවක් දියත් වූ ගොවි විරෝධතා තවමත් මුළුමණින්ම පහව ගොස් නොමැත. නව නීති මගින් දැවැන්ත පෞද්ගලික ගැනුම්කරුවන්ට වැඩි ප්‍රතිලාභ හිමි වන බවටයි, ගොවීන් චෝදනා කරන්නේ.

    කෙසේ වුවද මෙම විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග, මාධ්‍ය නිදහස සීමා කිරීම හා ඇතමුන් අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් පාදකකර ගනිමින් ඉන්දීය රජයට විරුද්ධව පෙත්සමක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    ඒ ඉන්දීය සම්බවයක් සහිත ලිබරල් ඩිමොක්‍රටික් නායක ගුර්ච් සිං විසින්. ඊට පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අත්සන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇලෙක්සැන්ඩ්ර් එලිස්ට,ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා විදේශ අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

    මේ හේතුවෙන් දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදකාරී තත්වයක් උද්ගත වෙමින් පවතින බව ද විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 10:14

    Latest News