'Pfizer' පළමු එන්නත 90 හැවිරිදි මාග්‍රාට්ට

දෙසැ 08, 2020

    එක්සත් රාජධානියේ දැවැන්තම එන්නත් වැඩසටහන අද ආරම්භ කෙරිණ.

    සායනිකව අත්හදා බැලුණු ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ප්‍රථම වරට ලබාදුන්නේ උතුරු අයර්ලන්තයේ 90 හැවිරිදි කාන්තාවකටයි. මේ අනූව එක්සත් රාජධානිය කොරෝනා එන්නතක් ජනතාවට ලබාදීමට පියවර ගත් ප්‍රථම රට බවට පත්විය. උතුරු අයර්ලන්තයේ එනිස් කිලාන්ඩ් ප්‍රාන්තයේ පදිංචි මාග්‍රාට් කීනන් නමැති මෙම කාන්තාවට අදාළ එන්නත ලබාදුන්නේ කොවෙන්ටීර විශ්වවිද්‍යාල රෝහලේ දී. ලබන සතියේ 91 වැනි උපන්දිනය සැමරීමට සූදානමින් පසුවන ඇය එන්නත ලබාගැනීමෙන් පසුව පැවසුවේ මෙය තමන්ට ලැබුණු උපන් දින ත්‍යාගයක් ලෙස සලකන බවයි.

    1440x810 cmsv2 13b8b7e3 373d 5301 a394 8a0cced6711b 5187160

    පළමු වටයේදීම රැජිනටත් එන්නතක්...

    මේ අතර, ප්‍රථම වටයේ දීම බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහරැජිණට සහ ඇයගේ සැමියා වන පිලිප් කුමරුට ද මේ එන්නත ලබාදීමට නියමිත බව ද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත නිෂ්පාදනය කළේ, අමෙරිකාවේ ෆයිසර් හා ජර්මනියේ බයෝඑන්ටෙක් යන සමාගම් දෙක එක්බද්ධවයි.

    කෙසේ වෙතත් පළමුවෙන්ම වයස අවුරුදු අසූවට වැඩි වයස්ගත පුද්ගලයින්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ට සහ වැඩි අවධානමක් සහිත පුද්ගලයින්ට එන්නත් මාත්‍රා ලක්ෂ 8ක් ඉදිරි සති කිහිපය තුළ දී ලබාදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. මිලියන 67ක ජනගහණයක් සිටින එක්සත් රාජධානියට එන්නත මාත්‍රා මිලියන 40ක් ඇණවුම් කර ඇති එය මිලියන 20කට එන්නත් කිරීමට ප්‍රමාණවත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

    යම් පුද්ගලයෙකුට ප්‍රථම වරට එන්නත් මාත්‍රා දෙකක් ලබා දී සති තුනකට පසුව යළිත් මාත්‍රා දෙකක් ලබාදීමට නියමිතයි. ප්‍රථම එන්නත ලබාදීමෙන් අනතුරුව එහි දත්ත ඇතුළත් කරමින් එම පුද්ගලයාට හිමිවන විශේෂ කාඩ්පත රැගෙන දෙවැනි වර එන්නත ලබාගැනීමට යා යුතු වීම විශේෂත්වයක්.

    images

    බහරේනය ඇනවුම් කළත් ශීතාගාරවල ගැටළුවක්..

    කෙසේ වෙතත් සෙල්සියස් අංශක සෘණ 85ක උෂ්ණත්වයකින් යුත් ශීතාගාරවල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ගබඩා කිරීම හේතුවෙන් ලොව සෑම රටකටම එන්නත ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ දුෂ්කරතා මතුව තිබේ. බහරේනය ද මේ එන්නත ඇනවුම් කර භාවිත කිරීමට අපේක්ෂා කළත් එම තත්වයේ පහසුකම් සහිත ශීතාගාර නොමැති වීම නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි,මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    කෙසේ වෙතත් ඊයේ දිනයේදී ද එක්සත් රාජධානියේ නව ආසාදිතයින් 14,718ක් හඳුනා ගැණුනු අතර මරණ 189ක් සිදුවිය. මේ අතර පැය 24 තුළ අමෙරිකාවෙන් යළිත් අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එම කාල සීමාවේ ලොව වැඩිම මරණ සංඛ්‍යාව ද වාර්තා වුණේ, අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව එක්දහස් පන්සීය තිස් නවයක්.

    අද වන විට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව,හයකෝටි අසූ ලක්ෂය ඉක්මවයි. මේ දක්වා සිදුව ඇති සමස්ත කොරේනා මරණ සංඛ්‍යාව ලක්ෂ පහළොවකට අධිකයි.

    TELEMMGLPICT000245820642 trans NvBQzQNjv4BqTh3H5BemKyhXFKdcxJGxV1FTNNabxLt8zdWE99ykJoY

    Last modified on අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 19:01

    Latest News