12ත් 15ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත

දෙසැ 13, 2021

    මෙරට වයස අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

    අවුරුදු 16 ත් 18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බවයි, හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

    Latest News