තවත් 'ෆයිසර්' එන්නත් තොගයක් දිවයිනට

දෙසැ 02, 2021

    ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ තවත් "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400ක් අද (02) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

    මෙම එන්නත් තොගය පෙට්ටි 32ක අසුරා නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබේ.

    අනතුරුව, මෙම එන්නත් තොගය ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ - 650 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද කටුනායක ගුවන් තොටුපළ වෙත එනුලැබීය.

    මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ගෙන යාමට පියවර ගෙන තිබේ.

    Latest News