ඉන්දියාවට නව පාර්ලිමේන්තුවක්

දෙසැ 11, 2020

    ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඊයේ මුල්ගල තැබිණ.

    ඊට වැය කෙරෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 971ක්. මුල්ගල තැබීම සිදු කෙරුණේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිකිරීම් 2022 වසරේ දී අවසන් කිරීමට නියමිතයි.

    ඉන්දියාවේ වත්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය පාලකයින් විසින් 1921 දී මුල්ගල තබා ඉදි‍කරන ලද්දක්.

    නව ගොඩනැගිල්ල ස්ථාපනය කෙරෙන්නේ නව පහසුකම් රැසකින් යුක්තවයි. එය ලොක් සභා සාමාජිකයින් 888 දෙනෙක් සහ රාජ සභා සාමාජිකයින් 384 දෙනෙක්ට ප්‍රමාණවත් වන පරිදි සැලසුම් කර තිබේ.

    Last modified on සිකුරාදා, 11 දෙසැම්බර් 2020 11:54

    Latest News