ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

දෙසැ 20, 2021

    ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 842,400ක් තොගයක් අද (20) උදෑසන මෙරටට රැගෙනවිත් තිබේ.

    ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.

    ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.

    Latest News