චීනය එන්නත් මිලියනයක් ඉන්දුනීසියාවට

දෙසැ 08, 2020

    චීනයෙන් ගෙන්වන ලද කොරෝනා මර්දන එන්නත් මිලියන 1.2 ක තොගයක් ඉන්දුනීසියාවට ලැබී තිබෙනවා.

    ඉන්දුනීසියාවට ගෙන්වන ලද පළමු කොරෝනා මර්දන එන්නත් තොගය එයයි.

    තවත් එන්නත් මිලියන 1.8 ක තොගයක් ලබන මාසයේදී ඉන්දුනීසියාවට ලැබීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මේ අතර, ජර්මනියේ ෆයිසර් සමාගම සහ අමෙරිකාවේ බයෝ එන් ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කළ කොවිඞ් මර්දන එන්නත පළමු වරට හෙට දිනයේදී බි‍්‍රතාන්‍යයේ කොරෝනා වෛරසයේ ඉහළ අවදානමක් සහිත පුද්ගලයින් සඳහා ලබාදීමට නියමිතව තිබෙනවා.

    කොරෝනා මර්දන එන්නතක් සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ ද බි‍්‍රතාන්‍යයි.

     

    Latest News