බ්‍රිතාන්‍ය අගමැතිගේ ප්‍රධාන සහයක වසංගත නීති කැඩීම නිසා අත්අඩංගුවට

මැයි 25, 2020

    යුරෝපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති එක්සත් රාජධානියේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 118ක් සිදුව තිබේ.

    සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්‍ෂ 59,000 ඉක්මවා ගොස් ඇත්තේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගත් ආසාදිතයන් 2,405 දෙනාත් සමඟයි. කොරෝනා ව්‍යාප්ති පාලනයට රට වසා දමා ඇති පසුබිමක බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන සහයක ඩොමිනික් කමින්ස් එංගලන්තය හරහා සංචාරය කිරිම නිසා පොලිස් අත්අඩංගුවට පත්විය. එරට විපක්‍ෂ යේ ඇතැම් අමාත්‍යවරු කියා සිටියේ, මේ හේතුවෙන් ඩොමිනික් කමින්ස් ධූරයෙන් ඉවත් කළ යුතු බවයි. අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍ය ජොන්සන් කියා සිටියේ, කමින්ස් සහ ඔහුගේ බිරිඳ කොරෝනා රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා ඔවුන් දරුවා තම දෙමාපියන් වෙත රැගෙන යාමට කටයුතු කර ඇති බවයි. ඒ හේතුවෙන් අදාළ සංචාරය මානුෂීය ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

    Latest News