එන්නත් සම්පූර්ණ කළ සංචාරකයන්ට එංගලන්තයේ නීති ලිහිල් කෙරේ

ජූලි 29, 2021

    කොවිඩ් එන්නතේ සම්පූර්ණ මාත්‍රා ලබාගත් සංචාරකයන්ට එංගලන්තයට ඇතුළුවීමේදී නීති ලිහිල් කර තිබෙනවා.

    ඒ, ඇමරිකාවේ සහ යුරෝපා සංගමය ඇතැම් රටවලටයි. ඒ අනුව කොරෝනා මර්ධන එන්නතක සම්පූර්ණ මාත්‍රා ලබාගත් සංචාරකයන්ට එංගලන්තයට ඇතුළුවීමේදී අනිවාර්යය නිරෝධනායකට ලක්වීමේ නීතිය අහෝසි කර තිබෙනවා. අදාළ තීරණය ලබන සඳුදා සහ සිට බලාත්මක වන බවයි එරට බලධාරීන් පවසන්නේ.

    ඒ අනුව ඇම්බර් ලයිස්තුවට අයත්වන යුරෝපා සංගමයේ සාමාජික රටවල්, යුරෝපීය නිදහස් වෙළෙඳ සංගමයේ රටවල්, යුරෝපීය මයික්‍රෝස්ටේට් රටවල් වන මොනාකෝ, වතිකානය යන රටවල් සහ අමෙරිකාවේ සංචාරකයන්ට දින 10ක අනිවාර්ය නිරෝධායනට යටත් වීමට අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ වුවද එංගලන්තයට පැමිණීමට පෙර PCR පරීක්ෂණයක් හෝ පැමිණීමෙන් පසු දින දෙකක් ඉක්මවා යාමට පෙර PCR පරීක්ෂණයක් සිදු කළ යුතු වනවා.

    මෙම නව තීරණය ප්‍රංශයේ සිට පැමිණෙන සංචාරකයන්ට අදාළ නොවන බව විදෙස් වාර්තා වල සඳහන්. ඇමරිකාවේ සිට පැමිණෙ, සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ගත් සංචාරකයන් එරට පදිංචිය සනාථ කෙරෙන ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙනවා.

    Latest News