බ්‍රිතාන්‍ය තුළ කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවීමට ආසන්නයි

නොවැ 24, 2021

    ශීත සෘතුව ආරම්භ වීමත් සමඟ බ්‍රිතාන්‍ය තුළ වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවීමට ආසන්න වී තිබේ.

    ලබන මාර්තු මාසය වන විට බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා කලාපයේ වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 2ක් ඉක්ම වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    යුරෝපය පුරා දෙසැම්බර් මාසය සැනකෙළි මාසයක් ලෙස සලකනු ලබන බැවින් මෙම උත්සවය සමයේ ජනතාව බොහෝ සෙයින් භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතුවල නියැළෙන බව වාර්තා වෙනවා. මෙසේ ජනතාව ගැවසෙන ප්‍රදේශ බහුල වීම නිසා හා යුරෝපා කලාපය පුරා පැතිරෙන ශීත කාලගුණය හේතුවෙන් වාර්තාවන් ආසාදිතයන් හා මරණ ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

    යුරෝපා කලාපය තුළ මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා මරණ හා ආසාදිතයන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, බ්‍රිතාන්‍ය යෙන්. ඒ අනුව ගෝලීය වශයෙන් ප්‍රබල ලෙස කොරෝනා තර්ජනය ඇති රටවල් අතර 4 වන ස්ථානය බිතාන්‍ය පසු වනවා. එරට තුළ දෛනිකව 40,000ට වැඩි අසාදිතයන්ට සංඛ්‍යාවක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9,932,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍ය තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 144,000 ඉක්මවනවා.

    Latest News