බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නතක් අත්හදා බැලීම තාවකාලිකව නවතයි

සැප් 09, 2020

    බ්‍රිතාන්‍යය ඔක්ස්ෆර්ඩ්‌ විශ්වවිද්‍යාලය හා ඇස්ටාසෙනෙකා සමාගම විසින්‌ සංවර්ධනය කරමින්‌ තිබූ කොරෝනා එන්නත්‌ අත්හදා බැලීම තාවකාලිකව නවතා තිබේ.

    ඒ, අත්හදා බැලීම්‌ සඳහා යොදා ගත්‌ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු හට එන්නත්‌ ලබාදීමෙන්‌ පසු හඳුනානොගත්‌ සංකූලතාවක්‌ ඇතිවීම හේතුවෙනි.

    සංකූලතාවයක්‌ ඇතිවූ පුද්ගලයා සම්බන්ධව ඇස්ට්‍රාසෙනෙකා සමාගම පවසා ඇත්තේ, පැහැදිලි කළ නොහැකි රෝගී තත්වයක්‌ ඔහුට ඇති බවයි. ගෝලීය වශයෙන්‌ කොරෝනා වෛරසයට එරෙහි එන්නත්‌ සංවර්ධනය කිරීමේ ප්‍රධාන කණ්ඩායමක්‌ ලෙස ඔක්ස්ෆර්ඩ්‌ විශ්වවිද්‍යාල පරීක්ෂණ කණ්ඩායම සැලකේ. අදියර එක සහ දෙක සාර්ථකව අත්හදා බැලීම්වලින් අනතුරුව 3 වැනි අත්හදා බැලීම් මට්ටමේදී මෙම ගැටලුව උද්ගත වී තිබේ.

    Latest News