ආර්ජන්ටිනාවේ කොරෝනා නිසා බන්ධනාගාර රැඳවියන් නිදහස් නොකරන්නැයි උද්ඝෝෂණ

මැයි 01, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන්, ආර්ජන්ටිනාවේ බන්ධනාගාර රැඳවියන් තාවකාලිකව නිදහස් නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ සංවිධාන කෙරිණ.

    මීට ප්‍රථම රැඳවියන් තමන්ව නිදහස් කරන ලෙස එරට රජයෙන් ඉල්ලීමක් කළේය. ඒ, කොරෝනා වෛරසය බන්ධනාගාර තුල ව්‍යාප්ත වුවහොත්, තම ජිවිත අනතුරේ හෙලන්නක් බව පවසමින්.

    ආර්ජන්ටිනාවේ, බුවනෝස් අයර්ස් හි පිහිටි බන්ධනාගාරයක් තුළ ද රැඳවියන්, උද්ඝෝෂණයක් සංවිධාන කළේය. සිර මැදිරි තුළ මිය යනවාට බිය ප්‍රකාශ කරමිනුයි එය සංවිධාන කෙරුණේ. වහල මත නැග ඝෝෂාකාරී ලෙස තම ඉල්ලීම් දිනා ගැනීමට ඔවුන් උත්සාහයක නියැලී තිබේ. එහෙත්, සාමාන්‍ය ජනතාව මෙම සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ තම අකමැත්ත ප්‍රකාශ කරමින් නිවෙස්වල සිට භාජනවලට තට්ටු කරමින් ශබ්ද නඟා, නව ආකාරයක උද්ඝෝෂණයක් සිදු කළේය. ප්‍රතිවිරෝධතා හේතුවෙන්, රැඳවියන් නිදහස් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

    Latest News