ආජන්ටිනාවේ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී යයි

මැයි 03, 2021

    ආර්ජන්ටිනාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්, එරට රෝහල් සම්පූර්ණයෙන්ම පිරී ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    එරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ ලක්ෂ 30 ඉක්මවා ගියේය.

    ආජන්ටිනා රජය වෛරස පැතිර යාම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණත්, නව රෝගීන් හමුවේ පැහැදිලි පාලනයක් දක්නට නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    පසුගිය දිනවලට සාපේක්ෂව රෝගීන් සහ මරණ වාර්තා වීම මේ වන විට ඉහළ ගොස් තිබේ.

    එරට එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන්, රෝගීන් සුව වීම ඉක්මන් වී ඇති බවයි, එරට රජය පවසන්නේ.

    Latest News