කොකේන් විසවීමෙන් ආජන්ටිනාවේ 20ක් මරුට

පෙබ 04, 2022

    කොකේන් මත්ද්‍රව්‍ය විෂවීමෙන් ආජන්ටිනාවේ 20 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබේ. 74 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි, වාර්තා වන්නේ.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට අක්‍රමවත් ලෙස නිෂ්පාදනය කර ඇති මෙම කොකේන් මත්ද්‍රව්‍ය විෂවී ඇත්තේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී. එම ප්‍රදේශය මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් උසුලයි.

    එය ගෝලීය මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ද වෙයි. අක්‍රමවත් ලෙස නිෂ්පාදනය කළ කොකේන් මත්ද්‍රව්‍ය ගෝලීය වශයෙන් බෙදාහැර ඇතැයි ද හෙළි වී තිබේ.

    පැය 24කට පෙර මත්ද්‍රව්‍ය මිලදී ගත් සියලු දෙනා මාරාන්තික තත්වයකට මුහුණ පා සිටින බව එරට රජය ප්‍රකාශ කරයි.

    Last modified on සිකුරාදා, 04 පෙබරවාරි 2022 12:23

    Latest News