ආජන්ටිනාවේ කොරෝනා රෝගීන් 500ක්...මරණ 9ක්

මාර් 27, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ආජන්ටිනාවේ පනවා ඇති රටට ඇතුළු වීම හා පිටවීමේ තහනම හමුවේ එරට සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව, වාර්තා වෙයි.

    රටට ඇතුළු වීම හා පිටවීමේ තහනම පැනවීමට පියවර ගෙන ඇත්තේ, ආජන්ටිනාව තුළින් කොවිඩ් නයින්ටීන් රෝගීන් 500කට අධික පිරිසක් හා මරණ 9ක් වාර්තාවීමත් සමගයි.

    ඌණ සංවර්ධිත රටක් වන ආජන්ටිනාවේ කොරෝනා වෛරසය ආශ්‍රිත රෝගීන් වැඩිවීමත් සමග රටතුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විශාල නගර හා මහාමාර්ග පොලිස් පාලනයට යටත් කර ඇති අතර, මේ මස අවසානය තෙක් මාර්ගවල ගමන් කිරිමට අවසර දී ඇත්තේ, අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත පිරිස්වලට පමණයි. පවතින තත්වය, එදිනෙදා දිවි සරිකර ගන්නා ජනතාවට සහ අඩු ආදායම්ලාභී ජනතාවට දැඩි තර්ජනයක් වී ඇති බවයි, වාර්තා වන්නේ. ආරක්ෂක අංශවල සහයෝගය මත ඔවුන්ට ආහාර බෙදා දීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 11:32

    Latest News