ආර්ජන්ටිනාවේ වාර්තාගත ඩෙංගු වෛරස ව්‍යාප්තියක්.

අප්‍රේ 22, 2023

    ආර්ජන්ටිනාවේ වාර්තාගත ඩෙංගු වෛරස ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    මේ වන විට ඩෙංගු උණ වැළදීමෙන් 40 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි, එම අංශ පෙන්වා දෙන්නේ.  ආර්ජන්ටිනාවේ වයඹ දිග ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හඳුනා ගෙන තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    මේ වන විට වාර්තාගත ඩෙංගු වෛරස ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව පෙන්වා දෙන එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ, 60,000 අධික සංඛ්‍යාවකට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇති බවයි. එමෙන්ම, එරට වයඹ දිග "සල්ටා, ටුකුමාන් සහ ජුහුයි" යන පළාත්වලින් ඩෙංගු මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

    ආර්ජන්ටිනාවෙන් අවසන් වරට මෙවැනි ඩෙංගු වෛරසයේ ඉහළ ව්‍යාප්තියක් වාර්තා වී ඇත්තේ, 2020 වසරේ දීයි. එරට ඩෙංගු ව්‍යාප්තිය මැඩලීම සඳහා විකිරණවලට නිරාවරණය වූ පිරිමි මදුරු කීටයින් යොදා ගනිමින් විද්‍යාගාර පර්යේෂණ මේ වන විටත්, ආරම්භ කර ඇති බවයි, එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

    Latest News