වසා දැමූ නාවලපිටියත් අද යළි විවෘතයි

මැයි 04, 2020

    සිව් දිනක් වසා දමා තිබූ නාවලපිටිය නගරය අද විවෘත කෙරිණ. ඒ වෙළෙඳසැල්, පොදු ස්ථාන සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණය කිරීමෙන් පසුවයි.

    නාවලපිටිය පොලීසිය මගින් නගරය පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර නගරයට ඇතුළුවන පුද්ගලයින් දැනුවත් කිරීම සිදු කෙරේ. කොරෝනා වෛරසය ආසාධනය වූ නාවික හමුදා සෙබලුන් දෙදෙනෙක් හා ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙක් හඳුනාගැනීමත් සමග නාවලපිටිය නගරය පසුගියදා වසා දැමිණ.

    Latest News