බ්‍රසීලයත් කොරෝනා ප්‍රතිකාර එන්නතක් සැකසීමේ ප්‍රයත්නයක 

මාර් 27, 2020

    බ්‍රසීලය කොරෝනා වෛරසයට එන්නතක් සැකසීමේ පරීක්ෂණ තවදුරටත් වේගවත් කර තිබේ.

    ඔවුන් පවසන්නේ, දැනට පවතින අනෙකුත් පරීක්ෂණවලට වඩා සිව් ගුණයකින් ලාභදායී හා වේගවත් එන්නතක් තමන් ඉදිරි කාලසීමාවේ දී නිපදනව බවයි. රියෝ ද ජැනයිරෝහි විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා ජීව විද්‍යා රසායනාගාර තුළ මෙම පරීක්ෂණ සිදු කෙරේ.

    එහිදී දැනට කොරෝනා රෝගීන් සුව වූවන්ගේ ප්‍රතිදේහ පරීක්ෂා කිරීම සිදු කෙරෙන අතර එමගින් වඩා සාර්ථක ප්‍රතිඵල අපේක්ෂිතයි. මෙම පරීක්ෂණය බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නියාමන ආයතනය විසින් තවමත් අනුමත කර නොමැති වුවද, පවතින අවදානම් තත්වය මත අදාළ පරීක්ෂණවලට ආයතනය මගිනි කිසිඳු බාධාවක් සිදු කර නොමැති බව වාර්තා වෙයි.

     

     

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 14:02

    Latest News