චීනය අභිබවමින් අමෙරිකාව..කොරෝනා රෝගීන් 85,500 ඉක්මවයි

මාර් 27, 2020

    ලෝකයේ නව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම රට බවට අමෙරිකා එක්සත් ජනපදය පත්ව තිබේ. මෙතෙක් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ රට බවට පත්ව තිබුණේ, චීනයයි.

    ගත වූ පැය 24 තුළ අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව එකවරම දාහත් දහසකින් ඉහළ ගියේය. දිනක් තුළ කිසියම් රටකින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද මෙයයි. වනවිට අමෙරිකාවේ මරණ සංඛ්‍යාව 1300 ඉක්මවනු ඇත. මේ වන විට අමෙරිකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,590 ඉක්මවා තිබේ. මෙතෙක් රෝගීන් වැඩිම රට ලෙස පැවති චීනයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 81,300ක්.

     

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 11:39

    Latest News