රටවල් 14කට කටාර් රාජ්‍යයෙන් තාවකාලික තහනමක්

මාර් 09, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලූවීම අද(09) සිට තාවකාලිව අත්හිටුවා තිබේ.


    ශ‍්‍රී ලංකාවට අමතරව මෙම තහනම ක්‍රියාත්මක සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ලෙබනන්, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව, සිරියාව සහ තායිලන්තයයි. කොරොනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍ය මෙම පියවර ගෙන ඇති බව සදහන් වේ.

    Latest News