කොරෝනා ගෝලීය වංසගත තත්වයකට පත්වීම ආසන්නයි..WHO

මාර් 10, 2020

    කොරෝනා වෛරස් තත්වය ගෝලීය වසංගත තත්වයක් බවට පත්වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙය ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ.

    කොරෝනා වෛරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකයන්ට සිදු වූ බලපෑම සහ බොහෝ කරුණු රැසක් හේතු කොට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ. වෛරසය පැතිරීම පාලනය කිරීමේ හැකියාවක් තමවත් පවතින බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    ගෝලීය වසංගත තත්වයක් උණ රෝගයකට ප්‍රකාශයට පත් කරන්නේ එය පාලනය කළ නොහැකි තත්වයකට පැමිණි විටදී බවයි, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රස් ඇඩනම් ඊයේ කියා සිටියේ. වසංගත තත්වයකට ඉතා ආසන්න වුවත් මෙම සටනින් ජය ගැනීමට හැකි බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 08:03

    Latest News