ඉතාලියේ 366ක් කොරෝනා නිසා ජීිවිතක්ෂයට

මාර් 09, 2020

    කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 366 දක්වා ඉහළ ගොස් ඉතාලි බලධාරිහු පවසති.

    එක් දිනක් ඇතුළත මියගිය ගණන 133 කින් ඉහළ ගොස් ඇතැයි ද වයිරසය ආසාදනයවූවන්ගේ ගණන 25%කින් ඉහළ ගොස් ඇතැයිද ඉතාලියේ සිවිල් ආරක්ෂක ආයතනය සඳහන් කරයි.

    ඒ අනුව ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 7,375 දක්වා ඉහළ ගොස් ඇත.

    ඉතාලිය මේ වනවිට දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් ඉතාලියේ ලොම්බාර්ඩි හා පළාත් 14 ක මිලියන 16කට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී සිටිති.

    මෙම ප්‍රදේශවලට යෑමට හෝ ඒවායින් පිටවීමට හෝ අනෙකුත් ගමනාගමන කටයුතු සඳහා විශේෂ අවසරයක් ගැනීමට ජනතාවට සිදුව ඇත.

     

     

    Latest News