පීට් බුටිගෙග් ජනාධිපතිවරණ තරගයෙන් ඉවතට

මාර් 02, 2020

    අමෙරිකානු ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වීමට පීට් බුටිගෙග් තීරණය කර තිබේ.

    හිටපු ඉන්දියානු නගරාධිපති වන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබා ගැනීමට ඉකුත් දින කිහිපය පුරා පුළුල් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කර තිබිණ. 38 හැවිරිදි පීට් බුටිගෙග්ට මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ දී ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිවිය. සාර්ථක ආරම්භයක් දියත් කළ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ඉකුත් දින කිහිපයේ දී කිසියම් පසුබෑමක් පෙන්නුම් කර බව, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. හෙට දිනයේ දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමේ ප්‍රාන්ත 14ක ඡන්ද විමසීම් පැවැත්වීමට නියමිතයි.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 10:55

    Latest News