අයාලේ යන පූසා, බොරුකාරයා

ජූනි 30, 2024

    එක්සත් ජනපද මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙපළ වන ජනාධිපති ජෝ බයිඩන් සහ එරට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විවාද මාලාවේ පළමු වැන්න ජූනි 27 වනදා සී එන් එන් පුවත් සේවය ඔස්සේ සජීවීව විකාශය කෙරුණා.

    ආර්ථිකය සහ විදේශ ප්‍රතිපත්තිය වැනි කාරණා සම්බන්ධයෙන් මෙම විවාදයේදී දැඩිව අවධානය යොමු වුනා. අපහාස උපහාසයන්ගෙන්ද අඩුවක් තිබුණේ නැහැ.

    ට්‍රම්ප් : මෙයා වගේ බොරුකාරයෙක් මම කවදාවත් දැකල නැහැ. මෙයා පලස්තීනුවෙක් වගේ.

    බයිඩන් : ඔයාට තියෙන්නේ අයාලේ යන බළලෙකුගේ සදාචාරයක්. කාමුක නිළියන් සමගත් ලිංගිකව හැසිරුණා.

    යනුවෙන් එකිනෙකාට අපහාස කරගනිමින් මෙම විවාදය විනාඩි 90ක පමණ කාලයක් පැවැත්වුනා.

    ජෝර්ජියාවේ ඇට්ලන්ටා හිදී පැවැත්වුනු පළමු විවාදය රියැලටි වැඩසටහනක් වැනි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. දෙවන විවාදය ABC පුවත් සේවය අනුග්‍රහයෙන් 2024 සැප්තැම්බර් 10 වන දින පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 30 ජූනි 2024 13:33

    Latest News