කොවිඩ් 19 මරණ 3,000 ඉක්මවයි..ආසාදිතයින් 88,000ක්

මාර් 02, 2020

    වෛරසයෙන් මේ වන විට 3,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර ආසාදිත පිරිස 88,000කට අධිකයි.

    නවසීලන්තය, ඩොමිනික් රිපබ්ලිකන් රාජ්‍යය හා අමෙරිකාවේ රොඩ් අයිලන්ඩ්ස් හි අලුතින්ම වෛරස් ආසාදිතයන් හඳුනාගෙන තිබේ. වෛරසය ලොව පුරා රටවල් 67කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. වෛරස් මුල් වරට ආරම්භ වූ චීනයෙන් මේ වන විට දිනකට වාර්තාවන වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ අගයක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්. ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති රාජ්‍යයන්. මේ අතර ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය පොදු ජනතාවට වසා දැමීමට කටයුතු කර ඇත්තේ එහි කාර්ය මණ්ඩලය දැඩිව ව්‍යාප්ත වන කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු කර ඇති නිසයි.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 07:57

    Latest News