ජනාධිපති ඡන්ද විමසීමට නාම යෝජනා 03ක්

ජූලි 19, 2022

    ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම ඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට අපේක්‍ෂකයින් තිදෙනෙකුගේ නම් ඉදිරිපත් වී තිබෙනවා. 

     පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස් වූයේ ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා බාර ගැනීම සඳහායි‍.ඒ අනූව රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් යෝජනා කරනු ලැබුවා. 

    1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත අනුව,  නාම යෝජනා බාර ගැනීම සිදු කෙරුණා.  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා, තේරීම් බාර නිලධාරියා ලෙස ක්‍රියා කරනවා. 

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම සභා නායක දිනේෂ් ගුණවර්ධන යෝජනා කරනු ලැබූ අතර, එය මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් ස්ථිර කරන ලැබුවා.

    මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කර සිටිය අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල්. පිරිස් විසින් ස්ථිර කර සිටියා.

    අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගේ නම මන්ත්‍රී විජිත හේරත් විසින් යෝජනා කරනු ලැබූ අතර, මන්ත්‍රී හරිනි අමරසුරිය විසින් ස්ථිර කරන ලදියි.

    නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට දින පැවැත්වීමට නියමිතයි.

    Latest News