බ්‍රසීල සටනේ ලූලාද සිල්වා පෙරමුණේ

ඔක් 29, 2022

    බ්‍රසීලයේ ජනාධිපතිරවරණයේ දෙවන සහ අවසන් වටය හෙට පැවැත්වීමට නියමිතයි.

    හිටපු වාමාංශික නායක ලූලාද සිල්වා ඔහුගේ ප්‍රතිවාදියා වන වත්මන් ජනාධිපති ජේයාර් බොල්සනාරෝට වඩා ඉදිරියෙන් සිටින බවයි, එරට සිදු කර ඇති නවතම ජනමත විමසුමකින් අනාවරණය වී ඇත්තේ.

    බ්‍රසීල ජනාධිපතිවරණ නීතියට අනුව යම් අපේක්ෂයෙකු සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් පළමු වටයේදී ලබා ගෙන ඇත්නම් ජයග්‍රහකයා ලෙස නම් කිරීමට හැකියාව තිබෙනවා.

    කිසිදු අපේක්ෂකයෙකු සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් නොලැබෙන්නේ නම් දෙවන වටයේදී ජයග්‍රහකයා එ‍රට මැතිවරණ කොමිසම මගින් තීරණය කරනු ඇති පසුගිය දෙවැනිදා පැවැත්වු පළමු වන වටයෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුණා.

    පළමු වටයේ ප්‍රතිඵලවලින් ලූලාද සිල්වා ඉදිරියෙන් සිටියා. ඔහු වලංගු ඡන්දවලින් සියයට 48 ක ප්‍රතිශතයක් ලබා ගත් අතර, වත්මන් ජනාධිපති බොල්සනාරෝට හිමිවුයේ සියයට 43ක් පමණයි. බ්‍රසීලයේ වයස අවුරුදු 16 ට වැඩි සියළුම පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරිමට හැකි ඇති අතර වයස 18 – 70 අතර සාක්ෂරතාවයෙන් යුත් පුරවැසියන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වනවා.                                         

    ඡන්දය පවතින කාල සීමාව තුළදී, අනිවාර්ය හමුදා සේවයේ නියුතු පිරිසට ඡන්දය දීමෙන් වැළකී සිටිමට හැකියාව තිබෙනවා. පිළිගත හැකි හේතුවක් නොමැතිව මැතිවරණයකදී ඡන්දය දීමට නොපැමිණෙන පුද්ගලයින් හට බ්‍රසීල රියාල් තුනයි දශම පහයි එකක දඩ මුදලකට යටත් වීමටද සිදුවනු ඇති.

    එරට වෙළඳපොළ පර්යේෂණ සමාගමක් වන ඩේටා ෆෝල් විසින් කරන ලද නවතම ජනමත විමසුමකින් පෙන්නුම් කරන්නේ ලූලාද සිල්වා වලංගු ඡන්දවලින් සියයට 53 ක් සහ වත්මන් ජනාධිපති බොල්සනාරෝ සියයට 47ක් ලබා ගනු ඇති බවයි.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 14:56

    Latest News