කොරෝනා මරණ 3055 දක්වා ඉහළට

මාර් 02, 2020

    ආසාදිතයින් 87870 ක්. තවත් රටවල් කිහිපයකින් අද නව කොරෝනා ආසාදිතයන් වාර්තා විය.

    ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 3055ක්.

    නව කොරෝනා වෛරසය අද වනවිට ලොව රටවල් 60 කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇති අතර, සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලොව පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 87,870 ඉක්මවන බවයි.

    වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ ගෙවුණු පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 202 දෙනකු වාර්තා වී ඇති අතර අලුතින් මරණ 42ක් වාර්තා වී තිබුණි.

    ඒ අනුව චීනයෙන් ඊයේ වන විට තහවුරු වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 80,174 ක් වන අතර මියගොස් ඇති සංඛ්‍යාව 2,915 ක්.

    සුවය ලැබීමෙන් අනතුරුව පුද්ගලයින් 44,518 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබුණි.

    කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය චීනය පුරා පැතිරී යාම ආරම්භ වූ පළමු දින 4ට සාපේක්ෂව ගෝලීයව රෝගය පැතිරීමේදී වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    Latest News