පිලිපීනයේ 'තාල්' සක්‍රීය වෙයි

ජන 13, 2020

    පිලිපීනයේ තාල් ගිනිකන්ද සක්‍රීයවී තිබේ. මැනිලා නුවරට දකුණින් පිහිටි ගිනිකන්ද සක්‍රීයවීම හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් අට දහසක් පමණ ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කර තිබේ.

    ගිනි කන්ද සක්‍රීයවීමත් සමග කිලෝ මීටරයක් තරම් උසට දුමාරය පැතිරෙන බවයි, වාර්තා වන්නේ. තාල්,පිලිපීනයේ දෙවන සක්‍රීය ගිනි කන්ද ලෙස සැලකෙයි. ඉදිරි දින කිහිපය තුළ එහි දැවැන්ත පිපුරුමක් අපේක්ෂා කළ හැකි බව පිලිපීනයේ භූ කම්පන හා ගිනි කඳු සම්බන්ධ පර්යේෂණායතනය අනතුරු අඟවා තිබේ. ගිනි කන්දෙන් දුම් පිටවීම ආරම්භවීමත් සමග මැනිලා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

    ප්‍රදේශ පුර ගිනි කන්දෙන් පැතිර යන අළු හේතුවෙන් මුහුණු ආවරන පැළඳීමට කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දෙයි. ඉකුත් අවුරුදු 450ක කාලය තුළ තාල් ගිනි කන්ද විධාරණය වූ අවස්ථාව ගණන 34ක්.

    Latest News