නෝරු සුළි කුණාටුවෙන් පිලිපීනයට දැඩි බලපෑම්

සැප් 26, 2022

    නෝරු සුළි කුණාටුව පිලිපීනයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටිනවා. මේ වන විට පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ හරහා පැයට කිලෝමීටර 240ක පමණ වේගයෙන් එය හමා යන බවයි, වාර්තා වන්නේ.

    සුළි කුණාටුව පිලිපීනයේ ජනතාවගෙන් අඩකටක් වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ල කරනු ඇති බවටයි, කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.

    නෝරු සුළි කුණාටුව අතිශය ප්‍රබල වන අතර, ඇතැම් මාධ්‍ය එය හඳුන්වාදී තිබුනේ පිපිරීමක ආකාරයේ සුලං ප්‍රවාහයක් යනුවෙන්.

    බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගංවතුර තත්වයන්ද හටගෙන තිබුණා.

    සුළි කුණාටුවෙන් මිලියන ගණනක පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. පස්වන කාණ්ඩ‌යේ සුපිරි සුළි කුණාටුවක් ලෙසයි, මෙම සුළි කුණාටුව හැඳින්වෙන්නේ.

    Latest News