පිලිපීනය දිනක වැඩිම ආසාදිතයින් වාර්තා කරයි

ජූලි 09, 2020

    පිලිපීනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීගිය දිනයේ (08) නව කොරෝනා වෛරස ආසාදිතයන් 2,539ක් වාර්තා වී තිබේ.

    එය තහවුරු වී ඇත්තේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයන්ගේ විශාලතම දෛනික වැඩිවීම ලෙසයි. මේ වන විට පිලිපීනයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනූව එය දැක්වුණේ, 50,359ක් ලෙසයි.

    මෙම ආසාදිතයන්ගෙන් පහෙන් එකක් පසුගිය දින පහ තුළ තහවුරු වී තිබීම ද විශේෂත්වයක්.

    මේ අතර ගෙවීගිය දිනයේ තවත් මරණ 5ක් පිලිපීනයෙන් වාර්තා වන අතර එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1,314ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 10:07

    Latest News