ලිබියා කැරළිකාර හමුදාව සටන් විරාමයක්

ජන 13, 2020

    ලිබියාවේ කැරළිකාර හමුදා ජනරාල් බලීෆා හෆ්තාර්, සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනූව, ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර අත්පත් කර ගැනීම සඳහා අඛණ්ඩව මාස 9ක් පුරා පැවති මෙහෙයුම් අවසන් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    ට්‍රිපෝලි ඇතුළු ලිබියාවේ බටහිර කලාපය තුළ සටන් විරාමය ප්‍රකාශයට පත්කර තිබේ. කොන්දේසි මාලාවකට යටත්ව සටන් විරාමයට එළඹ ඇති බවයි, වාර්තා වන්නේ. ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට සටන් විරාමය ක්‍රියාත්මක වෙයි. ජී.එන්.ඒ.හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිග්ත ලිබියාවේ ජාතික ගිවිසුම රජය ද ප්‍රති විරුද්ධ පාර්ශවය ලෙස අදාළ සටන් විරාමයට එකඟවී ඇති බවයි, වාර්තා වන්නේ.

    සටන් විරාමය ප්‍රකාශයට පත්කර සුළු මොහොතකට පසු, කැරළිකාර හමුදාව විසින් ප්‍රදේශ කිහිපයක සටන් විරාමය උල්ලංඝණය කර ඇති බවට ජාතික ගිවිසුම රජය චෝදනා කරයි. කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුම වෙනුවෙන් තවදුරටත් කැපවී සිටින නමුත්, එය නැවත උල්ලංඝණය වුවහොත්, ප්‍රතිචාරය, ප්‍රචණ්ඩකාරී හා කටුක වනු ඇති බවට ද ජාතික ගිවිසුම් රජය අනතුරු අඟවා තිබේ.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 10:03

    Latest News