පිලිපීනයට සුළිකුණාටු තත්වයක්

සැප් 25, 2022

    පිලිපීනයේ ප්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ සුලි කුණාටු තත්ත්වයක් හටගෙන තිබෙනවා.  මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවයි, එරට කාලගුණ අංශ පවසන්නේ. 

    සුළි කුණාටු තත්ත්වය එරට මැනිලා ඇතුළු ප්‍රධාන ප්‍රදේශ රැසකට බලපා තිබෙනවා. එහි ජනතාව ඉවත්කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා. 

    මෙම සුළි කුණාටු තත්ත්වය පැයට කිලෝමීටර 120 සිට 185 දක්වා වර්ධනය වන බවයි, කාලගුණ අංශ පෙන්වා දෙන්නේ. 

    මේ තත්ත්වයත් සමග ධීවර ජනතාවට මුහුදු යෑමෙන් වලකින ලෙසත්,  වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආරක්ෂක ස්ථානවලට යන ලෙසත් එරට බලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

    Last modified on ඉරිදා, 25 සැප්තැම්බර් 2022 11:24

    Latest News