යුක්‍රේන් යානයේ ප්‍රහාරයට එරෙහිව ඉරානයේ විරෝධතා: විරෝධතා කරුවන්ට කඳුලු ගෑස් ප්‍රහාර (ඡායාරූප)

ජන 12, 2020

    යුක්‍රේන මගී ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට එරෙහිව ඉරාන බලධාරීන්ට විරෝධය පළකරමින් ඉරාන වැසියන් විරෝධතා ආරාම්භ කර ඇත. ටෙහෙරාන් අගනුවරට පැමිණි ජනතාව, මිලේච්ජ ප්‍රහාරය සම්බන්ධයෙන් කෝපය ප්‍රකාශ කරමින් සිටි.

    යුක්‍රේන ගුවන් යානය අනතුරට ලක්වීමෙන් දින තුනකට පසු එහි වගකීම ඉරානය විසින් බාර ගනු ලැබිණ. මිසයිල ප්‍රහාරයෙන් ගුවන් යානයේ ගමන් කළ 176 දෙනෙකු මිය ගියහ. මිය ගිය පුද්ගලයන් අතර ඉරාන, කැනේඩියානු, යුක්‍රේන, බ්‍රිතාන්‍ය, ඇෆ්ගනිස්ථාන් හා ජර්මානු ජාතිකයින් සිටිති.

    iranprotest2 900 px 20 01 1

    විශ්ව විද්‍යාල සිසුන්ගේ වැඩි සහභාගීත්වයක් මෙම විරෝධතාවලට ලැබී ඇති අතර විශ්ව විද්‍යාල දෙකක් ඉදිරිපිට පැවැති විරෝධතා වලට කඳුළු ගෑස් ප්‍රාහැර එල්ල කළ බව විදෙස් වාර්තා කරයි. ඉරානය තුළින්ම ඊට ගුවන් යානා ප්‍රහාරයට එරෙහි විරෝධය මතුව තිබෙන අතර ප්‍රහාරය සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් විරෝධතාකරුවන් කියා සිටිති. සේනාධිනායක සහ ඉරාන ආධ්‍යාත්මික නායකයා අයතුල්ලා කොමේනි එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් විරෝධතාකරුවන් අවධානරය සිටි.

    iranprotest1 900 px 20 01 1

    ඉරාන විරෝධතාකරුවන්ට සහය පළකරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත. ඉරාන වැසියන්ගේ විරෝධය ඔවුන් ප්‍රබෝධමත් කර ඇති බව එහි සඳහන් වේ.

    ඇමරිකානු හමුදා ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනරාල් ක්වාසම් සොලෙයිමනී ඉරාකයේ බෑග්ඩෑඩයේදී මිය යාමත් සමඟ ඉරාන හා ඇමරිකා ගැටුම කරලියට පැමිණියේය. එහි ප්‍රථිපලයක් ලෙස ඉරානයේ සිට ගුවන් ගත කළ යුක්‍රේන ගුවන් යානයකට ප්‍රහාරයක් ඉල්ල කෙරුණ අතර එයින් 176ක් ජිවිතක්ෂයට පත් වුහ.

    Latest News