ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම පිලිපීනය ඉවත් කරයි

සැප් 06, 2021

    ශ්‍රී ලංකාව ඇතුලු‍ රටවල් 10ක සංචාරකයින් සදහා පනවා තිබූ තහනම අද(06) සිට ඉවත් කිරීමට පිලිපීනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



    ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය, ඕමානය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවලට පිලිපීනය විසින් මෙම සංචාරක තහනම පනවනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ය.

    අධික ලෙස ව්‍යාප්තවන ඩෙල්ටා ප්‍රභේදය වැළැක්වීම සඳහා මෙම තහනම පනවා තිබුනි.

    සංචාරක තහනම ඉවත් කළද, අදාළ රටවලින් පැමිණෙන සංචාරකයන් සති දෙකක කාලයක් අනිවාර්යයෙන් නිරෝධායනයට ලක් විය යුතු බව වාර්තා වේ.

    Latest News