අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද දිනයේ (01) දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4 වැනි දින සිට දෙසැම්බර් මස 18 වැනි දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට කල් ලබා දුන්නා.
දේවගැති ජෙරම් ප්රනාන්දු ප්රකාශයක් ලබා දීම සඳහා CIDයට පැමිණ තිබෙනවා.
පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙම වර්ෂය තුළ උපයන ලද ආදායමෙන් රුපියල් මිලියන 125ක් මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබෙනවා.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ද දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ ඩුබායි හි පැවැත්වෙන COP 28 දේශගුණික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා. උන්වහන්සේගේ පෙනහළු අසාදනයක් ඊට හේතුව බවයි වතිකානය පවසන්නේ.
ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණා

Latest News