සා.පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය 4 සිට

දෙසැ 01, 2023
    අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 4 වැනි දින සිට දෙසැම්බර් මස 18 වැනි දින දක්වා සිදුකරනු ලබන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

     

    සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්රිත කේවල ප්රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් ප්රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරනු ලබන බව සඳහන්.
     
    අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්රතිඵල ලබාගත හැකියි.
     
    දේශීය සහ විදේශීය භාවිතය සඳහා විභාගයේ සහතික පත්ර අද (01) දිනයේ සිට මාර්ගගත ක්රමය ඔස්සේ අයඳුම් කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.
     
    මෙවර අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 472,553 දෙනෙකු පෙනී සිටි අතර ඉන් පාසල් අයදුම්කරුවන් සංඛ්යාව 394,450ක්.
    Last modified on සිකුරාදා, 01 දෙසැම්බර් 2023 13:34

    Latest News